විමල් වීරවංශට වරෙන්තු

මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

by Staff writer 13-03-2023 | 3:47 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නැයි අද වරෙන්තු නිකුත් කෙරිණ.

අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය එම  නියෝගය නිකුත් කළේ ය. 

තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට අදාළ නඩුවකට විමල් වීරවංශ මහතා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.