චීන ජනපති ෂී ජින් පින්ගේ තෙවන ධුර කාලය ඇරඹෙයි

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ තෙවන ධුර කාලය අදින් ඇරඹෙයි

by Staff writer 13-03-2023 | 8:07 PM

COLOMBO (News 1st) –  චීන ජනාධිපති ෂී ජින් පින්ගේ තෙවන ධූර කාලය අද (13)  ආරම්භ විය.

පසුගිය සිකුරාදා පැවති චීන ජාතික මහජන කොංග්‍රසයේදී ෂී ජින් පිං යළිත් ධුරයට තේරී පත්වූයේ ඒකමතිකවයි.

ජනාධිපතිවරයාගේ තුන්වන ධුරකාලය සඳහා පත්වීමට ජාතික මහජන කොංග්‍රසයේ 2900කට අධික සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

චීන මහජන පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඔහු මේ වනවිට ක්‍රියාකර ඇති කාලය අවුරුදු 10 කි.

තුන්වන වරටත් ජනපති ධුරයට පත්වීමෙන් පසුව ෂී ජින් පින්ගේ ප්‍රථම රාජ්‍ය නායක හමුව ලෙස, ලබන සතියේ රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.

අනතුරුව ඔහු යුක්රේන ජනාධිපතිවරයාද හමුවනු ඇති.

අද (13) මාධ්‍ය අමතමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ, නව ධුර කාලය ආරම්භ වන අවස්ථාවේ සිට චීන ජාතිකයින් වෙනුවෙන් නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිකරන බවයි.

ව්‍යවසායකයින් සමග යහපත් සබඳතාවක් ගොඩනගා ගන්නා ලෙස සියලුම මට්ටම්වල නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා රැකියා උත්පාදනයේ මූලික පියවර ආර්ථිකය වර්ධනය කිරීම බවද ප්‍රකාශ කළේ ය.