චීන ජනපතිට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්

චීන ජනපති ෂී ජින් පින්ගේ තුන්වන ධුර කාලයට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්

by Staff writer 13-03-2023 | 8:15 PM

COLOMBO (News 1st) –  තුන්වන ධූර කාලය සඳහාද තේරි පත්වූ ෂි ජින් පින්  ජනාධිපතිවරයාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක්කර තිබේ.

ෂි ජින් පිං ගේ නායකත්වය යටතේ චීනයේ ප්‍රගතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථීක අභියෝග හමුවේ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගයද අගය කර තිබේ.