කාදිනල් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

කාදිනල් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

by Staff writer 13-03-2023 | 5:23 PM

COLOMBO (News 1st) – කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය. 

මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ,පසුගිය මාර්තු 03 වැනි දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව මෙන්ම රජය ද, ජනාධිපතිතුමා ද බැඳී සිටින බවය. 

කාදිනල් හිමිපාණන් පැවසුවේ,  පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයට පහර ගැසීමට කටයුතු කරන මැති ඇමතිවරුන්ට ද නීතිමය වශයෙන් කටයුතු කරන්නට කවුරුත්වග බලා ගන්නවා ඇතැයි තමන් විශ්වාස කරන බවය. 

එහිදි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් මෙසේ පැවසුවේය. 

"2018 ඔක්තොම්බර් මාසයේදී අද අපේ රට පාලනය කරන ජනාධිපතිතුමා දින 52 රජය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අහෝසි කරන්නට සහ බල රහිත කරන්නට සහ තමන්ට එම ධුරය සහ එම ධුරයේ බලතල ලබා ගන්නට එතුමා ක්‍රියා කළා. එදා අගමැතිතුමා ලෙස අද ජනාධිපතිතුමා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගත්තේ නම් අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව පාර්ලිමේන්තුව හරහා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කිරීම වටහාගත නොහැකි දෙයක්"