ඇමති පවිත්‍රාට නව සභාපති ධුරයක්

ඇමති පවිත්‍රා ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

by Staff writer 13-03-2023 | 5:33 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරිය ලෙස අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තේරී පත්විය.

ඒ පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සංගමයේ 09 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ විශේෂ රැස්වීමේදීයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති, ඩෙනිස් චයිබි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද එම අවස්ථාවට එක්වූහ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරුන් ලෙස තේරී පත්විය.