.webp)
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් ඉදිරිපත් කළ නව ප්‍රතිසංස්කරණවලට අනුව එරට විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට නියමිතයි.
අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් සම්මත විය.
ඒ, අදාළ ප්‍රතිසංස්කරණවලට එරෙහිව අඛණ්ඩව අටවන දිනටත් ප්‍රංශය පුරා විරෝධතා සහ වැඩ වර්ජන පැවැත්වෙන පසුබිමකදීයී.
එරට තෙල් පිරිපහදු අංගන සේවකයින්, සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයින් ඇතුළු වෘත්තීය සංගම් රජයට බල කරන්නේ අදාළ සංශෝධන වහාම ඉවත් කර ගන්නා ලෙසයි.
විශ්‍රාම වැටුප් අරමුදල හිඟ නොවී පවත්වා ගෙන යාම, සහතික කිරීමට නම්,මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රංශ බලධාරීන් පවසයි.