භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට

by Staff writer 12-03-2023 | 7:08 PM

COLOMBO (News 1st) –  රුපියල් මිලියන 180,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට (13) පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

මේ සඳහා වන ලංසු හෙට (13)  පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 

එම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන ගෙවීම් මාර්තු 15 වැනි බදාදා සිදු කළ යුතුයි.