රක්ෂිතයකින් හමුවූ බිත්තර ගැන අලුත්ම හෙළිදරව්ව

පුත්තලමේ රක්ෂිතයකින් හමුවූයේ,වැඩි මිලට විකිණීමට තිබූ බිත්තර තොගයක් ද?

by Staff writer 12-03-2023 | 7:53 AM

COLOMBO (News 1st) - පුත්තලම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් හමුවීමේ සිද්ධිය සම්බ්න්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පාරිභෝගික සේවා අධිකාරිය මගින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

පුත්තලම -  වල්පාලුව රක්ෂිතය තුළ ඉවත දමා තිබූ  අදළ බිත්තර තොගය සොයා ගනු ලැබුවේ ඊයේ (12) දිනයේ දීයි.

පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ, මහාපරිමාණ බිත්තර නිෂ්පාදකයින් විසින් වැඩි මිලට විකිණීමට ගොඩ ගැසූ බිත්තර නරක් වීම නිසා එලෙස මුදා හැර ඇති බවයි.