English
தமிழ்
කර්තෘ Staff writer
12 Mar, 2023 | 9:12 am
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවකයින් ඡන්දයට ඉදිරිපත් වන බල ප්‍රදේශවලින් බැහැරට මාරු කර, ඔවුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.
මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි දැනට වැටුප් රහිත නිවාඩු ලබා ගනිමින් මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප පමණක් ලබා දීමෙන් සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
පළාත් පාලන මැතිරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් දැනට වැටුප් ගෙවීම අත්හිටුවා ඇති රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව මැතිවරණ කොමිසම පසුගියදා නිර්දේශ කළේ ය.
කර්තෘ Staff writer
12 Mar, 2023 | 7:04 am
මැතිවරණ කොමිසම සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත පසුගියදා අදාළ ලිපිය යොමු කළ බවයි.
මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි, සිය කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බැවින් සිය කොමිසම මුදල් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ ද අනුමැතිය අවශ්‍ය වන බවයි.
මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවිය.
මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, අප්‍රේල් මස 25 වැනිදායි.
2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වලකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග එය තීරණය කෙරිණි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS