.webp)
තෙවැනි දිනය සඳහා තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 3 ක් ලකුණු 38 රැස් කරගෙන සිටියේ ය.
ක්‍රයිස්චර්ච්හීදි පැවැත්වෙන තරගයේ සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 355ක් රැස් කිරීමට සමත් විය.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 373 රැස් කළේ, ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 18ක් රැස් කරමිනි.
පළමු ඉනිමේදී අර්ධ ශතකයික් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් නායක දිමුත්, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ 17ක් ලබා සිටිය දීය.
ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුගේ කඩුල් බ්ලෙයාර් ටික්නර්ගේ ගොදුරක් වූයේ ලකුණු 28ක් රැස් කරගෙන සිටය දීයි.
කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 34 කි.
කුසල් මෙන්ඩිස් ලකුණු 14 යි.