''ප්‍රින්සස් කෲස්'' මගී නෞකාව කොළඹ වරායට

මගීන් 2800ක් රැගත් ''ප්‍රින්සස් කෲස්'' නෞකාව කොළඹ වරායට

by Staff writer 11-03-2023 | 8:18 PM

COLOMBO ( News 1 st ) - 2800ක පිරිවරක් රැගත් ''ප්‍රින්සස් කෲස්'' මගී නෞකාව අද (11) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේ ය.

සංචාරකයින් 1894 ක් සහ කාර්ය මණ්ඩලය 906 ක් රැගත් ''ප්‍රින්සස් කෲස්''   සුඛෝපභෝගී මගී නෞකාව අද (11) පෙරවරු 7.00 ට කොළඹ වරායේ "සමගි ජැටියට" සේන්දු විය.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින්ගෙන් 159 දෙනෙකු කළෙඹ වරායෙන් ගොඩබැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව, ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

මෙම නෞකාව දිගින් මීටර් 294 ක් සහ පලලින් මීටර් 37 ක් වන අතර තායිලන්තයේ පුකට් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව අද (11) රාත්‍රියේ ඩුබායි වරාය බලා යාත්‍රා කිරීමට නියමිතය.

මෙම නෞකාව මීට වසර කිහිපයකට පෙරද සංචාරකයින් පිරිසක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.