දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ දෙමව්පියන් අත්අඩංගුවට

by Staff writer 11-03-2023 | 3:04 PM

COLOMBO ( News 1 st ) - දුම්රියේ දමාගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, 25 හැවිරිදි මව බණ්ඩාරවෙල ප්‍රදේශයේදී සහ 26 හැවිරිදි පියා කොස්ලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් අවිවාහක බව ද අනාවරණය වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

කොළඹ, කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමාගොස් තිබියදී එම බිළිඳා සොයා ගැනුණේ ඊයේ (11) පස්වරුවේදී ය.