කොළඹ වායුගෝලයේ ගුණත්මකභාවය පහළට

කොළඹ වායුගෝලයේ ගුණත්මකභාවය පහළට

by Staff writer 11-03-2023 | 6:36 PM

COLOMBO ( News 1 st ) - කොළඹ ප්‍රදේශයේ වායු ගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සංජය රත්නායක මහතා සඳහන් කළේ, වායුගෝලීය ගුණාත්මක භාවය මනින දර්ශකවල අගය මේ වන විට ඒකක 124 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වායුගෝලයේ ඝණ වර්ග මීටරයක ඇති දූවිලි අංශු ප්‍රමාණය එම ඒකකවලින් නිරූපණය වන බව ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව දෙස සිට මෙරටට හමා එන සුළං රටාවේ වෙනසක් මෙම තත්ත්වයට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.