.webp)
අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 160 කට අධිකයි.
ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, ඉන්දියාවේ මුම්බායි වෙත යාමට පැමිණි පිරිසක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන්ගේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් රත්‍රං සහ රන් ආභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 කි.
සැකකරුවන්, ගුවන්තොටුපොළ සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටී ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධ වී මෙම ජාවාරම සිදු කර ඇති අතර, ඔහුද පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කළේ ය.