.webp)
COLOMBO (News 1st) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර නියෝජ්‍ය කතානායකවරයා හමු විය.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයට මුදල් වෙන් කිරීමට අදාළව ලබාදුන් තීන්දුව පිළිබඳව ප්‍රේමනාත් සී. දොලවත්ත මන්‍ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය සහ ෂෙහාන් සේමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරිමටයි.
විපක්ෂයේ මතය වන්නේ, අදාළ වරප්‍රසාද ප්‍රශ්න තුළින් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වන බවයි.
එබැවින් අදාළ වරප්‍රසාද ප්‍රශ්න නොසලකා හරින ලෙස විපක්ෂ මන්ත්‍රීවරු නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.