ඉතාලි නාවුක නිලධාරියෙකුට වසර 30ක සිර දඬුවම්

රුසියාවට රහස් තොරතුරු සැපයීමේ වරදට ඉතාලි නාවික හමුදා නිලධාරියෙකුට සිර දඬුවම්

by Staff writer 10-03-2023 | 4:05 PM

COLOMBO  (News 1st) - ඉතාලි නාවික හමුදාවේ සාමාජිකයෙකුට වසර 30ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ රුසියාවට රහස් තොරතුරු අලෙවි කරමින් ඔත්තු සැපයීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි. 

'වෝල්ටර් බයට්' නම් 52 හැවිරිදි මෙම පුද්ගලයා, 2021 වසරේදී රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට, යුරෝ 5000ක මුදලකට රහස් තොරතුරු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගැනිණ.  
මෙම තොරතුරු අතරට නේටෝ සංවිධානයේ රහස් ලිපි ගොනු රැසක් ද ඇතුළත් වන අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉතාලි අධිකරණයක් විසින් ඔහුට මෙම සිර දඬුවම් නියම කර තිබේ.