.webp)
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අය වැයෙන් වෙන් කළ මුදල් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවන්නේ දැයි සොයා බලන තෙක් මැතිවරණට අදාළ ඉදිරි පියවර නොගත යුතු බවට වූ යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ , වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
පසුගිය 07 වැනිදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පෙන්වා දුන්නේ අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුව සතු බලතල සහ වරප්‍රසාද කඩවී ඇති බවත්, මේ තත්ත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බවටයි.
රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අද (10)පාර්ලිමේන්තුවේ අදහස් පළ කිරිමේදී ඇතිවුණේ සංවාදාත්මක තත්ත්වයකි.
එම සංවාදයට ශෙහාන් සේමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස , ප්‍රසන්න රණතුංග, අනුර කුමාර දිසානායක හා ජී. එල් .පිරිස් යන මහත්වරුන් එක්ව සිටියහ.
මේ අතර විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද (10) නියෝජ්‍ය කතානායකවරයා හමුවී ප්‍රකාශ කළේ, අදාළ වරප්‍රසාද ප්‍රශ්න නොසලකා හරින ලෙසයි.
එම වරප්‍රසාද ප්‍රශ්න තුළින් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වන බව ඔවුන් පෙන්වා දී තිබේ.