.webp)
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු සිය බාල සහෝදරයා වන එඩ්වඩ් කුමරු එඩින්බර්ග්හි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබේ.
බකිංහැම් මාලිගය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන්ගේ පියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරු අවසන් වරට දැරූ පදවිය ඔහුට එලෙස ප්‍රදානය කළ බවයි.
ඒ අනුව සිය මව වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත් වූ දා සිට නව පදවි නාමයක් පිරිනැමූ රාජකීය පවුලේ නවතම සාමාජිකයා බවට පත් වන්නේ, 59 හැවිරිදි එඩ්වඩ් කුමරුයි.
චාල්ස් රජුගේ වැඩිමහල් පුත්‍රයා සහ සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම්, වේල්සයේ කුමරු වන අතර ඔහුගේ දෙවන පුත් හැරී සහ හැරීගේ දරුවන්, තවදුරටත් වැඩ කරන රාජකීයයන් ලෙස නොසැලකෙනු ඇති.
එඩ්වඩ් කුමරුගේ පියා වන පිලිප් කුමරු 1947 දී එවකට එලිසබෙත් කුමරිය සමග විවාහ පත් වූ ද සිට මිය යන තුරුම එඩින්බරෝහි ආදිපාද පදවිය හෙබවීය.