ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද

ශ්‍රී ලංකාව - නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රයිස්චර්ච්හිදී ඇරඹෙයි

by Staff writer 09-03-2023 | 2:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රයිස්චර්ච්හිදී අද (09)  ආරම්භ විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (09)  තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 305 කි.

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගුවේය.

මෙන්ඩිස් පන්දු 83කින් ලකුණු 87ක් රැස් කළ අතර 4 පහර 16ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය.

අර්ධ ශතකයක් රැස් කළ දිමුත් කරුණාරත්න අද (09)  වාර්තා අතරට එක්වූයේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙසයි.

ඇන්ජලෝ මැතිව්ස් සමග පිටියේ එක් වූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර මැතිව්ස් අද (09) ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළේ, එවන් දස්කමක් දැක් වූ තෙවැනි ශ්‍රී ලංකා පිතිකරු බවට පත් වෙමිනි.