.webp)
COLOMBO (News 1st) - ලොව ධෛර්ය සම්පන්න කාන්තාවන් ලෙස තේරී පත් වූ සම්මානලාභීන් වෙනුවෙන් ගෞරව පිරිනැමීමේ වැඩසටහනක් ඊයේ (08) පැවැත්විණි.
ඒ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී ය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ලොව ධෛර්ය සම්පන්න කාන්තාවන් තේරීමේ මෙම වැඩසටහනේ 2023 වසරට අදාළ ධෛර්ය සම්පන්න කාන්තාවන් ඇගයීමේ උළෙල ඊයේ (08) ධවල මන්දිරයේදී පැවැත්වුණ අතර මෙම ඇගයීම වාර්ෂිකව පැවැත්වෙන අතර 2021 වසරට අදාළව තේරී පත්වූ පිරිසද මෙහිදී ඇගයීමට ලක්විය.
ඒ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසරේදී අදාළ උත්සවය නොපැවැත්වීම හේතුවෙනි.
මෙහිදී 2021 වසරේ ලොව ධෛර්ය සම්පන්නම කාන්තාවන් අතරට තේරීපත්වූ ශ්‍රී ලංකාවේ, නීතීඥ රනීතා ඥානරාජා මහත්මියද ඇගයීමට ලක්වූවාය.
නීතීඥ, රනීතා ඥානරාජා මහත්මිය මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන මෙහෙයක් ඉටුකරන නීතිවේදිනියකි.
ඇයද මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ද ඇයට සුබ පැතුම් එක්කර තිබුණි.