වෘත්තීය සමිති 40ක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

වෘත්තීය සමිති 40ක් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල

by Staff writer 09-03-2023 | 6:25 AM

COLOMBO (News 1st) - රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් ඊයේ (08) පෙරවරු 6.30 ට ආරම්භ කළ එක්දින සංඛේත වැඩ වර්ජනය අද උදෑසන 6.30 ට අවසන් කළේ ය.

ඔවුන් එම සංඛේත වැඩ වර්ජනයේ නිරත වුණේ, වැටුප් හා දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේදී රජයේ රෝහල්කටයුතුවලට ද බාධා සිදු විය.

ඊයේ රාත්‍රී මහනුවර ජාතික රෝහලේ කටයුතුවලට හමුදා පිරිස් ද සහය පළ කරන ආකාරය දක්නට ලැබුණි.