.webp)
COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (08) රාත්‍රී පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනා අද (09) ඇප මත මුදාහැර තිබේ.
ඒ , ඔවුන් අද (09) මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එක් අයෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ද අද (09) ගලහ මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ.
ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයින් දඩයම් කිරීම , අත්තනෝමතික පහරදීම් හා සිදුකරන මර්ධනයට විරෝධය පළ කරමිනි.
පිරිස මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මුළුමනින්ම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර පසුව පොලීසිය විසින් එම මංතීරුව වසා දැමුණි .