මහජන ආරක්ෂක ඇමති HRCSL හමුවට

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

by Staff writer 09-03-2023 | 3:06 PM

COLOMBO (News 1st) - පසුගිය මාර්තු  07 සහ 08 යන දිනයන්හිදී  කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය,ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, එළැඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.