.webp)
-523520.jpg)
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙරස් යුක්‍රේනයේ සංචාරයක නිරත විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංචාරයේදී යුක්‍රේන ජනපති, වොලොද්මීර් සෙලෙන්ස්කි හමුවී ධාන්‍ය අපනයනය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.
ඒ අනුව මීට පෙර පැවති , කළු මුහුද හරහා ධාන්‍ය අපනයන කිරීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ ගනුදෙනු යාවත්කාලින කරන ලෙස මහලේකම්වරයා යුක්‍රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
යුක්‍රේනයේ ජනාධිපතිවරයා ද ඒ සඳහා එකඟතාව පළකර ඇති අතර ඔහු සඳහන් කළේ, සාගතයෙන් පීඩා විඳින රටවල ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට එම ධාන්‍ය අපනයන ක්‍රියාවලිය උපකාරී වූ බවයි.
එය ගෝලීය ආහාර පිරිවැය අඩු කිරීමට ප්‍රබල සාධකයක් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළේ ය.
රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්‍රේනයේ සංචාරයක නිරත වූයේ, තෙවැනි වරටයි.
