බන්ධනාගාරෙන් පැන්න රැඳවියා වෙඩි පහරින් මරුට

බන්ධනාගාරෙන් පනින්න හැදූ රැඳවියා බන්ධනාගාර නිලධාරියාගේ වෙඩි පහරින් මරුට

by Staff writer 08-03-2023 | 8:43 AM

COLOMBO (News 1st) - කෑගල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ සැකකරුවෙකුට නිලධාරීයෙකු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ,  මුළුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අලුයම බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවයි.

එය දුටු ආරක්ෂක මුර කුටියේ සිටි බන්ධනාගාර නිලධාරියා සැකකරුට වෙඩි තබා තිබේ. 

ඉන් තුවාල ලැබූ ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඔහු නඩත්තු නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ බව පොලිසිය සඳහන් කළේ ය.