පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය 28 සිට 31 දක්වා - මැතිවරණ කොමිසම

by Staff writer 08-03-2023 | 9:00 PM

COLOMBO (News 1st) -  - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා පවසයි.

 පුංචිහේවා මහතා සඳහන් කළේ,  පවතින තත්ත්වයන් යටතේ, ඇතැම් විට මෙම දිනවල යම් සංශෝධන සිදුවිය හැකි බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු, රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.