.webp)

COLOMBO (News 1st) - අත්අඩංගුවේ පසුවන කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ යන සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවන් කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට ප්‍රධාන මාර්ගය දක්වා පාගමනින් පැමිනෙමින් සිය විරෝධය පළ කළහ.
විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගය අසලට පැමිණෙන විටත් පොලිසිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් විශ්වවිද්‍යාලය ඉදිරිපිටට රැස්ව සිටියේ ය.
කෙසේ වෙතත් ප්‍රධාන මාර්ගය අවහිර නොකර විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළහ.
පසුව පොලීසිය විසින් සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
