ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් සටන අනිද්දා

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් සටනට සියල්ල සූදානම්..

by Staff writer 07-03-2023 | 11:01 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ  නවසීලන්තය අතර ක්‍රිකට් තරගාවල අනිද්දා ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නවසීලන්තය බලා පිටත්ව ගියේ ය.

මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් සමන්විත වේ.

තරගාවලිය ආරම්භ කරමින් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අනිද්දා  ක්‍රයිස්චර්ච්හිදී තරග බිමට පිවිසෙනු ඇති.