මරදානේ මාර්ග කිහිපයක පෙළපාලි තහනම්

මරදානේ මාර්ග කිහිපයක පෙළපාලි තහනම් කරමින් අධිකරණ නියෝගයක්

by Staff writer 07-03-2023 | 2:16 PM

COLOMBO (News 1st) - මරදාන පොලිස් වසමේ මාර්ග කිහිපයක පෙළපාලි තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. 

ඒ, පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි. 

මේ අතර, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කළේ ය.