.webp)
COLOMBO (News 1st) - චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ, චීන නියෝජ්‍ය තානාපති, හූ වෙයි මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
මේ අතර ශ්‍රී ලංකාවේ සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය ලබාගෙන ඇති බවත්, මාර්තු 20 වැනිදා පැවැත්වෙන විධායක කමිටුවේදී ඒ පිළිබඳව සලකා බලන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)නිවේදනය කර තිබේ.