කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ වෙඩි තැබීමක්

by Staff writer 07-03-2023 | 11:24 AM

COLOMBO (News 1st) - කොටහේන ප්‍රදේශයේ අද උදෑසන 9.30 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, වෙඩි තැබීමෙන් කිසිවෙකුටකත් අනතුරක් සිදුව නොමැති බවයි.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර තිබේ.