.webp)
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
ඒ අතර විශ්විවිද්‍යාල ශිෂ්‍යයෙක්, මාධ්‍යවේදියෙක් හා පොලිස් නිලධාරියෙක් සිටින බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ, ''රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු , ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු'' යන මැයෙනුයි.