සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන අයට නීතිමය පියවර

සමාජ සුබසාධන ප්‍රතිලාභ ගැනීමට අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

by Staff writer 06-03-2023 | 8:34 AM

COLOMBO (News 1st) – සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ , ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 කි. 

සංගණනය සඳහා පැමිණෙන නිලධාරින්ට අවශ්‍ය සහය ලබාදෙන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

 කඩිනමින් අදාළ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.