වීරකැටිය පොලීසිය සහ ගම්මුන් පිරිසක් අතර ගැටුමක්

by Staff writer 06-03-2023 | 10:15 PM

COLOMBO (News 1st) –  වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ගෝනදෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නැවත එන අතරතුරදී අත්තනයාල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පරික්ෂා කළ අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත.