.webp)
COLOMBO (News 1st) – රියැදුරු හිඟය හේතුවෙන් අදත් (06) දුම්රිය කිහිපයක් අවලංගු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කොටුව - මඩකලපුව උදයදේවි දුම්රිය, කොටුව - පුත්තලම සහ කොටුව - කලුතර අතර ධාවනය වු දුම්රිය 5 ක් එලෙස අවලංගු කර ඇති බවයි.
දුම්රිය ධාවනය සඳහා කොන්ත්‍රාත් පදනම මත රියැදුරන් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇතත්, ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.