.webp)
COLOMBO (News 1st) – ඌණ සංවර්ධිත රටවල් පිළිබඳව එක්සත් ජාතීන්ගේ 05 වැනි සමුළුව මේ වන විට කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ දී පැවැත්වේ.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන්නේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාය.
සම්මන්ත්‍රණය පැවැත්වෙන අතරතුර තාරක බාලසූරිය මහතා කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුල්තාන් බින් අල් සාද් මුරායිකි මහතා ද හමුව තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඉංජිනේරු උපාධියට කටාර් රාජ්‍යයේ පිළිගැනීමක් ලබා දීම සහ කටාර් රාජ්‍යය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහය ලබා දීම ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.
මීට අමරතව රාජ්‍ය අමාත්‍ය, තාරක බාලසූරිය මහතා පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා හමුවී ඇති අතර එහිදී පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන සහයෝගයද පළ කර තිබෙන අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මාරියා ට්‍රිපොඩි මහත්මියද හමුවූ තාරක බාලසූරිය මහතා ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වූ බවයි.