බිත්තර ගෙන්වීමෙන් කුරුලු උණ ව්‍යාප්තවීමේ අවදානමක්

ඉන්දීය බිත්තර ගෙන්වීමෙන් කුරුලු උණ ව්‍යාප්තවීමේ අවදානමක්.... - කෘෂි විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්..

by Staff writer 06-03-2023 | 7:56 AM

COLOMBO (News 1st) – ඉන්දියාවෙන් බිත්තර ආනයනය හේතුවෙන් මෙරට තුළ කුරුලු උණ ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඇනවුම් කර ඇත්තේ, කුරුලු උණ ව්‍යාප්තව පවතින තමිල්නාඩු ප්‍රාන්තයෙන් බවයි.

කුරුලු උණ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ බිත්තර මිල පහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
 
බිත්තර සම්බන්ධයෙන් ඉන්දියාව ලබාදිය යුතු ප්‍රමිති වාර්තාව අද ලැබෙනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. 

බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත්තේ අදාළ වාර්තාව මෙතෙක් නොලැබීම හේතුවෙන් ය.

ඉන්දියාවේ සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එම වාර්තාව ලබාදිය යුතු වෙයි.