ආනා පුංචි හේවාගේ භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන්ට ඇප

හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචි හේවාගේ ලක්ෂ 4ක ජංගම දුරකතනය ඇතුළු භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන්ට ඇප..

by Staff writer 05-03-2023 | 11:17 AM

COLOMBO (News 1st)  - හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතාගේ ජංගම දුරකතනය ඇතුළු භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔවුන් අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් සැකකරුවන් ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ආනා පුංචිහේවා මහතාට අයත් රුපියල් හාරලක්ෂ හැට හත්දහසක් වටිනා ජංගම දුරකතනය, නවීන අත්ඔරලෝසුවක් සහ මුදලින් ලක්ෂ 02ක් සැකකරුවන් විසින් කොල්ල කා ඇති බවයි.

පුංචිහේවා මහතාගේ දෑත්වලට මාංචු දැමීමෙන් අනතුරු එම කොල්ලය සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , 21 හැවිරිදි වියේ පසුවෙයි.

ඔවුන්  පොලිස් ගබඩාවේ සේවය කළ අනියම් කම්කරුවන් දෙදෙනෙකි.

පොලිසිය  සඳහන් කළේ, ඔවුන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.