.webp)
COLOMBO (News 1st) - ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ 380 - 800 වර්ගයේ යානය අද (05) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
ඒ, යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහායි.
EK 449 දරණ එම ගුවන් යානය, නවසීලන්තයේ ඔක්ලන්ඩ් සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී මෙලෙස ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපළෙන් යානය ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය, ලීටර් 62,800 කි.
අදාළ ඉන්ධන තොගයේ වටිනාකම, රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් පමණ වේ.
පැයයි විනාඩි 40 ක කාලයකින් පසුව යානය යළි ඩුබායි බලා පිටත්ව ගිය බව, නිවුස්ෆස්ට් ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය.
ලොව විශාලතම මගී ගුවන් යානය එලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණි 3 වැනි අවස්ථාව මෙය වේ.