මරණයෙන් කෙළවර වූ විනෝද චාරිකාව..

මරණයෙන් කෙළවර වූ විනෝද චාරිකාව..

by Staff writer 05-03-2023 | 1:05 PM

COLOMBO (News 1st) - විනෝද චාරිකාවක් පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුරක්, මහඔය, නුවරගලතැන්න රක්ෂිතයේ තිබී සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් 08 දෙනෙකු එලෙස රක්ෂිතයේ චාරිකාවක් සඳහා පැමිණ ඇති බවයි.

ඔවුන් රාත්‍රියේ රක්ෂිතයේ නවාතැන් ගෙන සිටියදී ඉන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

පසුව, ඒ ආසන්න ප්‍රදේශයක තිබී ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි විය.

එලෙස මියගොස් ඇත්තේ, කුමාරිගම ප්‍රදේශයේ  පදිංචි 34 හැවිරිදි  පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.