නැෂනල් සුපර් ලීග් ශූරයින් කවුද? තීරණය අද

නැෂනල් සුපර් ලීග් ශූරයින් කවුද? තීරණය අද

by Haindu Gihan 05-03-2023 | 8:50 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවන වරටත් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන තරගය අදින් අවසන් වීමට නියමිතව ඇත.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වියත

ගාල්ල කණඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව, 187 කි.

දඹුල්ල කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 196 කට සීමාවීමත් සමග ගාල්ල කණ්ඩායමට ලකුණු 258 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා යන ගාල්ල කණ්ඩායම, ඊයේ (04) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 93කි.