ගම්මැද්දෙන් එළිය වුණු ගමක්..

ගම්මැද්දෙන් එළිය වුණු ගමක්..

by Haindu Gihan 05-03-2023 | 12:37 PM

Colombo  (News 1st) - ගම්මැද්ද ජාතික ක්‍රියාන්විතය හරහා ඉදිකළ තවත් ජල ව්‍යාපෘතියක් අද (06) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ, කුරුණෑගල යාය 05, කරුවලගස්වැව ගම්මානයේ ජනතාව ජලය වෙනුවෙන් කළ අරගලයට  නැවතීමේ තිත තැබීමට සමත් විය. 

මෙම  ජල ව්‍යාපෘතිය  හරහා පවුල් 500 කට පමණ ඉන් සෙත සැළසේ.

ගාමිණී ෆොන්සේකා සහ ටී. කේ. ඒ. ඩී. සෙනරත් යන මහත්වරුන්ගේ මූල්‍යමය  දායකත්වය හරහා මෙම ව්‍යාපෘතිය ඉදි කෙරිණි.