ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීම ගැන සලකා බලනවා

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම ගැන සලකා බලනවා.. -විදේශ ඇමති අලි සබ්‍රි-

by Staff writer 05-03-2023 | 9:10 PM

COLOMBO (News 1st) - ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව විදේශ අමාත්‍ය අලි අලි සබ්‍රි  මහතා පවසයි. 

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ය . 

මෙම සාකච්ඡාවේදී ඔහු පැවසුවේ , මේ අවස්ථාවේදී  අවශ්‍ය වී ඇත්තේ ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීම බවයි. 

එමගින් ඉන්දියානුවන්ට ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවේ සෘජුවම භාවිත කළ හැකි අතර ශ්‍රී ලාංකිකයින්ට වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව කටයුතු කළ හැකි බවද විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. 

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ , ඉන්දියානු ජාතික ආරක්ෂාවට බාධාවක් වන කිසිදු ආකාරයක කටයුත්තක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.