වැසි තත්ත්වයේ වැඩි වීමක්

වැසි තත්ත්වයේ වැඩි වීමක්

by Staff writer 04-03-2023 | 7:39 AM

COLOMBO (News 1st) - නැගෙනහිර , ඌව , උතුරු මැද  සහ උතුරු පළාත්වලට අද (04) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසූවේ, නැගෙනහිර , ඌව පළාත් සඳහා 75mm තරමක තද වැසි ඇති විය හැකි බවත්  බස්නාහිර, සබරගමුව ,මධ්‍යම හා දකුණු පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.

තවද වයඹ පළාත තුළ ද වැසි වාර කිහිපයක් ඇති විය  හැකි බවත් වැසි තත්ත්වය සමග ඇති වන තාවකාලික තද සුළං හා අකුණු අනතුරු වළකා ගැනීමට කටයුතු කරන මෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාව වෙත දැනුම් දෙයි.