වසර 500කට මුහුදු පතුලේ සැඟව ගිය කුළුබඩු

වසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවකින් කුළුබඩු තොගයක් හමුවෙයි

by Staff writer 04-03-2023 | 10:32 AM

COLOMBO (News 1st) - වසර 500කට පෙර ස්වීඩනය ආශ්‍රිත මුහුදේ මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයාගෙන තිබේ. 

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කුංකුම, ගම්මිරිස් ,ඉඟුරු වැනි මෙම කුළුබඩු තොගය ආරක්ෂිතව ගබඩා කර තිබීම හේතුවෙන් ඒවා තවමත් හොඳ තත්ත්වයේ පවතින බවයි.

මෙම නෞකාව එවකට ඩෙන්මාර්කයේ රජුට අයත්ව තිබූ බව සඳහන් ය. 

බෝල්ටික් මුහුදේ ඇති අඩු ඔක්සිජන්, අඩු උෂ්ණත්වය සහ අඩු ලවණතාව වැනි තත්ත්වයන් හේතුවෙන් මෙම කුළුබඩු ආරක්ෂා වී ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබේ.