.webp)
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කිතුල්ගල ප්‍රදේශයේ අද (04)උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය , මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට 2023 අයවැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රදවා ගැනීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් ඊයේ නිකුත් කළේ ය.