කැස්බෑවුන් බිත්තර දමන ජනාකීර්ණ ගාලු මුවදොර

කැස්බෑවුන් සිය ගණනක් බිත්තර දමන ජනාකීර්ණ ගාලු මුවදොර

by Staff writer 04-03-2023 | 9:10 PM

COLOMBO (News 1st) - ජනාකීර්ණ ගාලු මුවදොර වෙරළ තීරය කැස්බෑවුන් බිත්තර දමන වෙරළ තීරයක් බවට පත්වී තිබේ.

ඒ පසුගිය කාලයේ එම වෙරළ තීරය නිධි සාධිත වෙරළ තීරයක් බවට පත්වීමත් සමගයි.

මේ වනවිට ගාලු මුවදොර වෙරළ තීරය ඛාදනය වීම සම්පුර්ණයෙන්ම අවසන්ව එහි වැලි ගොඩ ගැසෙමින් පවති.

වනජීවි දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණවලට අනුව ගාලුමුවදොර වෙරළේ බිත්තර දැමීම සඳහා ජනවාරි සිට මේ දක්වා කැස්බෑවුන් 200 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ.

එසේ විදුලි ආලෝකය පවතින ගාලු මුවදොර වෙරළ තීරයට පැමිණීමෙන් අලෝකවත් පරිසරයකට කැස්බෑවන් අනුවර්තන වී ඇති බවට ද නිරීක්ෂණය වන බව පරිසරවේදීන් පවසති.

ඔවුන් සඳහන් කළේ, සාමාන්‍යයෙන් කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණීමේදී අඳුරු වෙරළ තීරයන්ට වඩාත් ඇල්මක් දක්වන බවයි.

දැනට ලොව කැස්බෑ විශේෂ 8ක් ජීවත් වන අතර ඉන් 5 ක්ම ලංකාව ආශ්‍රිත මුහුදේ දිවි ගෙවනු ඇත.