ජී.එල් පීරිස් පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයක්..

ජී.එල් පීරිස් පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයක්..

ජී.එල් පීරිස් පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයක්..

කර්තෘ Staff writer

04 Mar, 2023 | 7:34 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විධායක සභාව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගත් බවයි.

පක්ෂයේ නව සභාපති ධුරය සඳහා තෝරා ගැනීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් යෝජනා 2ක් මේ වනවිට සලකා බලමින් ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය. 

ඔහු පැවසුවේ, නව සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයකු නව සභාපති ලෙස පත් කිරීමට තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. 

ඔහු පැවසුවේ, ඒ පිළිබඳව සාකච්ජා වට කිහිපයක් පසුගිය කාලසීමාවේ පැවැති බවයි.

කඩිනමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.

මිට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වු සෙසු පිරිසද පක්ෂයේ මෙතෙක් දරමින් සිටි සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් ය. 

එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ පිරිස සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා තීරණය කළේ ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]