හිඟ ඖෂධ 37ක් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි..

හිඟ ඖෂධ 37ක් කඩිනමින් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි..

by Staff writer 03-03-2023 | 6:54 AM

COLOMBO (News 1st) –  මෙරට හිඟව පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් මහතා අතර පැවති සාකච්ඡාවකදී ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනිවා නුවරදි මෙම සාකච්ඡාව පැවැත් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, මෙරට ඖෂධ හිඟය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවයි.