මැතිවරණය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

මැතිවරණය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

by Staff writer 03-03-2023 | 7:01 AM

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(03)රැස්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේ, මැතිවරණය ලබන 09 වැනිදා පැවැත්වීමට නොහැකි බවයි. 

මැතිවරණයට මුදල් නොලැබීම ඇතුළු බාහිර සාධක කිහිපයක් හේතුවෙන් සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව කොමිසම පසුගියදා පෙන්වා දුන්නේ ය. 

කෙසේ වෙතත් අද දිනයේ රැස්වී මැතිවරණය පවත්වන දිනය නැවත ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේ ය..